සුබ දවසක් වේවා හැමෝටම.....!!!
අද මම කියලා දෙන්නම් කොහොමද වැරදි Firmware එකක් ගහල Hard Brick උන 4න් ගොඩදා ගන්න ලේසි ක්‍රමයක්...කඩේකින් කරගන්න ගියොතින් RS.4000-5000 ක් වගේ ගානක් ගන්නව J-Tag කරලා හදන්න.
ඒත් මේ වැඩේට යන්නෙ Rs.50/= ක වගෙ පොඩි මුදලක්.
Hard Brick වෙච්ච 4න් වල Download Mode එක එන්නේ නැති එකනේ ලොකුම ප්‍රශ්නේ,
මම අද කියල දෙන ක්‍රමයෙන් Hard Brick වෙච්ච 4න් වල Download Mode එක ගේමක් නතුව ගන්න පුලුවන් Download Mode එකට ආවම ඉතින් ඕනෙ කෙනෙකුට Firmware එක Flash කරගන්න පුලුවන්නෙ.
හරි දැන් වැඩෙට බහිමු...මේකට කියන්නෙ USB JIG කියලා..මේක ප්‍රමානයෙන් පොඩි උනට කරන්න පුලුවන් වැඩ නම් ලොකුයි.
මේ තියෙන්නෙ USB JIG එකක්.

හරි, අපි දැන් බලමු කොහොමද USB JIG එකක් හදා ගන්නේ කියලා.
ඉස්සෙල්ල අපිට මේ උපකරන ටික ඕනේ වෙනවා.
- 100K Resistor 3 ක්,(300K Resistor එකක් උනත් කමක් නෑ)
- පරන Micro USB (Male) port එකක්.
- Solding Bauth එකක්.
- ඊයම්.
දැන් ඉස්සෙල්ලම අපේ Micro USB (Male) port එකේ 4,5 pin දෙක වෙන් කරගන්න ඕනේ.පහල පිංතූරය බලන්න.
හරි දැන් අපේ 100K Resistor 3 මේ විදියට පාස්ස ගන්න ඕනේ.
දැන් මේ විදියට අපේ Micro USB (Male) port එකට Resistor 3 පාස්ස ගන්න.
දැන් අපේ USB JIG එක හදලා ඉවරයි,ඒක ලස්සන කිරීම තියෙන්නේ ඔයලගේ අතේ :) .
USB JIG එක හදග්නන්න විදිය ගැන මොනවා හරි ගැටලු තියනවනම් මේ Video එකත් බලලම ඉන්න.
හරි,දැන් ඔයලගේ Software Hard Brick වෙච්ච 4න් එකට මේක Connect කරලා බලන්න.
මේ Video එකත් බලන්න.
සැ.යු -මේ ක්‍රමය වැඩ කර්නන්නේ Galaxy 4න් වලට විතරයි,වෙන 4න් වලට ගහන්න යන්න එපා ..!!!
තව එකක් මේ ක්‍රමය වැඩ කරන්නේ Software Birck වෙච්ච 4න් වලට විතරයි Hardware අවුල් තියන 4න් මේ ක්‍රමයෙන් ගොඩ දන්න බෑ...
හරිනේ,එහෙනම් මම කැපුනා.....
විශේශ ස්තූතිය-සිංහල Type කරන්න Software කෑල්ලක් ලබා දුන් android '''''වැඩකරයො''''' සමූහයේ සාමජිකයන් සැමට..
No comments:
Post a Comment